Friday, August 13, 2010

ලන් වූවා ඔබ.......


ලන් වූවා ඔබ සතුට රැගෙන මට
හැරගියා මන් ඔබව
දුක පමණක්‌ රැගෙන
ඔබේ සෙනෙහසට ලන්වූයේ

ඒ ආදරයට හිත දුන්නේ

ඔබ වෙනකෙනෙකුගේ බව නොදැනය
හිත රිදුනා...
ඔබ මා රැවටූ බව දැනගත්

ඒ මොහොතේ

හැඩුවා මා තනිවම
මෙතුවක්‌
ඔබ එය නොදනේ මිතුරේ...
සමුගත්තේ මා ඔබගේ දිවියෙන්

ඇය මා ඇමතූ ඒ දිනයේ
සමුගන්නවා මා අද
ඔබගේ මතකයෙන්
නොහඩයි මා දෙනෙත් මින් පසු

ඔබ වෙනුවෙන්.......

Thursday, August 12, 2010

මා හැරදා....

මා හැරදා ඇය වෙත ගිය
ඔබෙ රුව නැවතත් දුටු විට
සසල වුනා මා සිත...
කෙදිනකවත් නොදකින්නට
පෙරුම්පිරුව ඔබෙ රුවම
නැවතත් දුටුවිට
වසා දැමු අපේ මතක පොත
පිටු පෙරලුවා වේගයෙන්
මා දෙනෙත් බොද කරවමින්...

ඉතින් කොහොමද

ඉතින් කොහොමද යාලුවනේ? exam තිබුනු හින්ද මේ පැත්තෙ එන්නත් බැරිවුනා. එ දවස්‌ වල ලියපුව සේරම ම්න් අද දන්නය් හදන්නෙ.ඔයලත් කියවල බලල හොද නරක කියන්නකෝ..........