Friday, August 13, 2010

ලන් වූවා ඔබ.......


ලන් වූවා ඔබ සතුට රැගෙන මට
හැරගියා මන් ඔබව
දුක පමණක්‌ රැගෙන
ඔබේ සෙනෙහසට ලන්වූයේ

ඒ ආදරයට හිත දුන්නේ

ඔබ වෙනකෙනෙකුගේ බව නොදැනය
හිත රිදුනා...
ඔබ මා රැවටූ බව දැනගත්

ඒ මොහොතේ

හැඩුවා මා තනිවම
මෙතුවක්‌
ඔබ එය නොදනේ මිතුරේ...
සමුගත්තේ මා ඔබගේ දිවියෙන්

ඇය මා ඇමතූ ඒ දිනයේ
සමුගන්නවා මා අද
ඔබගේ මතකයෙන්
නොහඩයි මා දෙනෙත් මින් පසු

ඔබ වෙනුවෙන්.......

Thursday, August 12, 2010

මා හැරදා....

මා හැරදා ඇය වෙත ගිය
ඔබෙ රුව නැවතත් දුටු විට
සසල වුනා මා සිත...
කෙදිනකවත් නොදකින්නට
පෙරුම්පිරුව ඔබෙ රුවම
නැවතත් දුටුවිට
වසා දැමු අපේ මතක පොත
පිටු පෙරලුවා වේගයෙන්
මා දෙනෙත් බොද කරවමින්...

ඉතින් කොහොමද

ඉතින් කොහොමද යාලුවනේ? exam තිබුනු හින්ද මේ පැත්තෙ එන්නත් බැරිවුනා. එ දවස්‌ වල ලියපුව සේරම ම්න් අද දන්නය් හදන්නෙ.ඔයලත් කියවල බලල හොද නරක කියන්නකෝ..........

Wednesday, July 21, 2010

කියන්න මිතුරේ මට..............




නිදන මා නෙතු අසල දැවටෙන
හිතට ලන් වුනු උණුහුමකි ඔබ මට

කනට ලන්වී ආදරෙන් කොදුරන

සොදුරු සිහිනයකි තවම ඔබ මට....


නොදනියි ඔබ කවුරුන්දැයි

කොහිසිට මා සිතට ලන්වූ වාදැයි

සොයයි මා සිත ඔබව
යන එන හැම තැනකම

කියන්න මිතුරේ මට
කවදාද පැමිණෙන්නේ ඔබ
මේ සිහිනයෙන් මිදී
මා දෙනෙත් අබියසට???

Wednesday, July 7, 2010

සෙනෙහස සුවදයි පියුමක්‌ වාගෙයි.....

සෙනෙහස සුවදයි පියුමක්‌ වාගෙයි
සිහිනය මිය යයි ඔබ දුර ඈතයි
මතකය සමරයි හදවත වැලපෙයි
කදුලක්‌ අතරින් සුසුමක්‌ විදවයි....

පවුකල හින්දද පෙර සංසාරෙක
විරහ කදුලු මැද තනිවී දෙතැනක
වුරුම වුනා ඔබ අහිමි වුනා ඔබ
එහෙත් දයාබර හිතක්‌ තියේ මට....

සද ඉර තනිවම වැලපෙයි අප ගැන
පංහිද නිතරම ලිවුවා ඔබ ගැන
කවු ගී ලිවුවට එහි රස විදිනට
ඔබ නෑ මා ලග ගොස්‌ දුර ඈතක....

මේක සින්දුවක්‌.මමත් ඇහුවෙ එකම එක සැරයයි.හිතට ගොඩාක්‌ ලන් වුනා.ඒ නිසා මන් ඒ වෙලේ මේක ලියාගත්ත.දන්නෙ නෑ කවුද ගායනා කරන්නෙ කියල.මන් YouTube වලත් හෙවුවා ඒත් මට හොයාගන්න බැරිවුනා.ඔයාලට පුලුවනිනම් හොයාගෙන අහන්න.හරිම ලස්‌සන හිතට දැනෙන ගීතයක්‌.

ආදරේට ආදරේ කරන්න...


ආදරේට ආදරේ කරන්න
ජීවිතේට ජීවිතේ දෙන්න

කෙනෙක්‌ ඉන්නකොට
ඒ ජීවිතේ හරි ලස්‌සනයි
හිනාවෙලා ජීවත්වෙන්න

හැමෝම ආසයි

ඒත් ඒ ජීවිතේ
හිතගන්න බැරි විදිහට

අපෙන් ඈත්වෙලා ගියාම

ඒ මතකයත්තෙක්‌ක
අපි ගොඩක්‌ තනිවෙනව

ජීවිතේ එපාවෙන තරමට

ඒ මතකය අපිව රිද්දල

අඩවනවා

ඉතින් හිනාවක්‌ නැතුව
කොහොමද අපි ජීවත්වෙන්නෙ???

Sunday, June 20, 2010

එන්න මා සිත මා ලගට......

ලෝකය දිවයයි වේගයෙන්
මාද දිවයයි ඒ පසු පසින්...
සිතුවත් ඔබද මා සමගයි කියා
අදයි දැනගත්තේ...
ඔබ මා ලග නැති බව
හිත රිදවූ ඒ දිනයේ...
ඔබද මා දමා
ඒ මතකයන් සමග එකතුවී...
රිදවයි තවත් මා
හඩවයි තවමත් මා...
කුමක්‌ කරන්නද මා
මට මතක ඒ හැමදේම
ඔහුට අමතක වූවානම්...
එන්න මා සිත මා ලගට
යන්න දෙන්න ඒ හැම මතකයකටම....